Tuesday, January 17, 2012

සදාතනික ආලය



සැදෑ වලා පෙලින් සැදී
රුවකි ඔබ ළදේ.....
ඔබේ නෙතු කැලුම් වටා
දග කරයි දෙනෙත මගේ....
මතකයේ සුවද....
පුබුදවයි සදා හැගුම්...
චන්චලයි හදේ සිතුම්
නිහඩ ඇයි දෙනෙත් ඔබේ..........

විටෙක මේග වලාකුලක්
ලෙසින් දිසේ ම සිතඹරේ.....
විදුලි එලි සිහින් මවයි
මද සිනා කැඑම්............
පේමයේ පුළිගු දල්වනා
රුවින් හදගැබේ.......
විරහ වේදනා මවයි
කදුඑ සලයි දෙනෙත් සදා.........

සුරගනන් සිත් පවා දවයි
ඔබේ රුවින්.......
දේවතාවියයි සදා
අරා සිටින ම සිත් දෙවොල්........
දිව්‍ය ස්වර වැයෙයි සදා

නගන පා ළයට ඔබේ......
දුරස්වැ සිට ඔබේ දසුන්
වනමි සෙනෙහසින් සදා..........

Saturday, January 14, 2012

අඩන මගෙ පොඩි නංගියේ







නුඹේ සිනහව
සභාගත වන.....
පෙම් හැගැම් වෙන්දේසියේ....
සිතේ තෙරපෙන
කදුල සගවා......
සිනා සෙන පොඩි නංගියේ.....
හදේ පවතින
විරහ වේගය.....
නෙතේ ලියවී ලා තියේ....
සිටින්නම් මා
නොදුටු ලෙස එය...
ගලක් කර සිතුවිලි ළයේ.........

දෙමා පිය
නෙත් වලට නොපෙනුන
ඔබේ ආලය මල් වියේ.....
තලා පොඩිකර
දැමූ ලොකය...
සතුටු වෙති ඔබ ඉදිරියේ....
නිවී ගිය
තුටු සිත් පහන් ඇති..
ඔබේ හදවත මැදිරියේ.....
සදාතනිකව
උරුම අදුරද..
හද රිදුම් දෙයි නංගියේ......

බැදී සොහොයුරු
පෙමින් නොදැනිම.....
ගෙවීගිය පොඩි සංදියේ.........
ඇදී ඇති බව
දිටිමි ඔහු රුව.....
සදාතනිකව ඔබෙ ළයේ........
ගසා ගෙනයයි
ඔබේ පේමය.....
සැඩ පහර මත කාලයේ......
ගිලී ගිය හිරු
නැගේවිද යලි.....
අපව සනසන්නට රැයේ.........


පුනර්ඡන්මය


ගෙයක්
සදහට ම අතහැර.....
වෙනත්
ගෙදරක
තොටිල්ලේ නැලැවුනු
ඔහු...........

ළදරු විය
ගෙවෙත්මැ.....
කිරිසුවද ඔස්සේ
ආවේ යැ
දුරු කතර
ගෙවා හැර.....
අතැර ගිය
ඒ නිවස
සොයාගෙන.......

පසු කැර
අන්දර වැට....
මල් පාත්ති
අම්මා සමග තැනූ
ඒ කාලේ........
සෙල්ලම් ගෙය තැනූ
දෙල් රුප්පාව
පසු කැර.....
දකිනු වස්
වත කමල්........

පෙර කල දැනුම්දීමෙන්
වටපිට කීපදෙනකුත්
රැස්ව ඇත
සාජ්ජ දැමූ
පුංචි
ස්තොප්පුවේ...........

සිගිති පා
සිප ගනිත් මැ
සිමෙන්තිය
ඉලිප්පී
තිබුනු
යටින් මුල් ඇදීමෙන්
කිරි කිරි හඩ නැගී....