Friday, December 30, 2011

හදවතට සමීප වූ රිද්මය



ලව්රා වාස්

 ගයන්නී අප නොදත් බසෙකින්.....
ඉංගිරිසි උප සිරැසියක් ද නැත
ඇගේ ගැයුමේ අදස ගනු වස්.......
එහෙත් අප රසවිදිමු.....
විශ්වීයත්වය සංගීතයේ........
විදින්න ඔබත්
හදවතේ සියුම්තත් කම්පනය වන නද................................

Wednesday, December 28, 2011

ඔබේ වත


කඩවුනු පැතුම් සහසක් අතර...
ඔබේ මුහුනේ අදුරු වී ගිය සිතුවමක් ද
තිබෙනු මා දුටුවා.
පිසලමින් කාලයේ දූවිලි...
ඒ දිහා බැලීමට
තව වරක් මා හටම සිතුනා...

කාලයටවත් මැකිය නොහැකිව
තවම පවතින
ඔබෙ සොදුරු මදහස.....
අදුරු අහසේ රිදී සද වන්
ඔබේ වත....

එක් වරම
තිගැස්සුනෙමි මා....
දැකීමෙන්.....
එහි මැවී පැවතුනු
අදුරු ඡායාවක්......
වත්මනේ ආලෝකයෙන්....
අතීතයෙ වීදුරුව  මත....
සටහන් වැ තිබුනු ඒ.........

කෙස් පැසී ගිය සිරසකි...
රැලිවැටුනු මුහුණකි....
සදාතනිකවැ ඇයුනු මෙන් වූ
දත් නොමැති මුකයකි........




Tuesday, December 27, 2011

වීරයා


සැබැවින්ම
කදුඑ බිදු මෘදු වැඩිය....
එහෙත් ඔහු සිතට
එබෙන්නට එක් වරක් වත්.....
ඕනැමයි ඒවා.......

එදවස...
සියල්ලන් කෑ ගසා
යුක්තියේ දෙව්දුව හමුවේ
කීවෝය මෙසේ...............

ඌ මහා පවුකාරයෙක්....
දෝහියෙක්.......
නින්දිතයෙක්.....

නිහඩව නිසලව තිබූ
වීරයන් ගේ සෙල්පිලිම අබියස...
දනින් වැටී
මිලින වූ ඇසින්....
එනමුත්...
කෙලින් වු හිසින්...
අපහාසයන් ඉවසීය ඔහු.....

මැහැල්ලක් ගැසුවාය කෙල.....
චූදිතයා ගේ මුහුණට....
වීරයන් හා
මුහුණට මුහුණලා තිබුණු.....

පහතට වැටුනු ගිලටිනය
වෙන් කලත් ඔහුගේ හිස කදෙන්.....
වෙන් නොවී පැවතුනි අපහාසය.....
ඔහු වෙතින්.......

දරු මුනුබුරෝ ද මහත් වද
වින්දෝය ඔහු නමින්.....
පෙලපත් නම ද අතහැරියෝ
නෑයෝ මෙන්ම නොනෑයෝත්.....

එහෙත් එක සමයක....
සත්‍ය නැමති අධිකරණය..
නිදොස්කොට නිදහස් කලේ ඔහු
වීරයන් අතරට......

කවිලිවීම


කවියන් වැඩිපුර කැමතිලු
පාඑ අදුරු වස්සානෙට........
වස්සානය තව ඈතද....
ඹබනම් හරි කවි කාරයි.....
සර සර යේ මියුරු සරින්..
පත් ඉරුවේ කවි ලියැවෙයි.....
අකාල ගොම්මන් අදුරේ......
අතීතයට සිත දිවයයි..
හිරි වැටෙනා හදවත ලග
කවියක් හිමිහිට පිබිදෙයි....
සතුටත් නැති
දුකකුත් නැති
සිහින සිතුම් පොදි ඇති වෙයි
ඒවා පන්හිද ඹස්සේ
ඹබ වෙනුවෙන් කවි ගෙනඑයි

8ගමන

සංසාරයේ අප යන මග හරියට 8 ගහනවා වගේ කියලා මට හිතෙනවා..........
අපි දෙන්නා මෙතනදි වෙන් වෙලා
විරුද්ධ දිශා වලට ගියත්
අන්තිමට අපි කොහොමහරි හමුවෙනවාමයි
ඉවරයක් නැතිව
ජීවිතේ
ඹහොම ගලා යනවානම්
වෙන්වන දිනේ අපි
අවසාන බැල්මත් හෙලා
රැදුනු මතකය
නැවත හමුවන වෙනත් ලෝකෙක
අසුරු සැනයක් හරි දැනේවිද
ඹබට මට