Saturday, January 14, 2012

අඩන මගෙ පොඩි නංගියේ







නුඹේ සිනහව
සභාගත වන.....
පෙම් හැගැම් වෙන්දේසියේ....
සිතේ තෙරපෙන
කදුල සගවා......
සිනා සෙන පොඩි නංගියේ.....
හදේ පවතින
විරහ වේගය.....
නෙතේ ලියවී ලා තියේ....
සිටින්නම් මා
නොදුටු ලෙස එය...
ගලක් කර සිතුවිලි ළයේ.........

දෙමා පිය
නෙත් වලට නොපෙනුන
ඔබේ ආලය මල් වියේ.....
තලා පොඩිකර
දැමූ ලොකය...
සතුටු වෙති ඔබ ඉදිරියේ....
නිවී ගිය
තුටු සිත් පහන් ඇති..
ඔබේ හදවත මැදිරියේ.....
සදාතනිකව
උරුම අදුරද..
හද රිදුම් දෙයි නංගියේ......

බැදී සොහොයුරු
පෙමින් නොදැනිම.....
ගෙවීගිය පොඩි සංදියේ.........
ඇදී ඇති බව
දිටිමි ඔහු රුව.....
සදාතනිකව ඔබෙ ළයේ........
ගසා ගෙනයයි
ඔබේ පේමය.....
සැඩ පහර මත කාලයේ......
ගිලී ගිය හිරු
නැගේවිද යලි.....
අපව සනසන්නට රැයේ.........


No comments:

Post a Comment