Sunday, March 11, 2012

තේඡා


නැගෙන විට
කඑපාට පුර හද......
දිමුත් සුදු අහස් මුදුනට.....
මලානික මෙමට
තනියට...
සිටියෙ නුඹයි
තේජා.........

ටවුමෙ
ගද ගහන කුණු ඇල.....
දිගේ පාවෙවී
පහලට.......
ඇදී යන කඑපාට රොන්මඩ
ටත් වඩා දුගද
පිළිකුල්.......
අතීතෙක බරත්
හිසමත....
පටෝගෙන
සම සමවැ හරියට....
දුර පාරෙන්
මා සමගම
ඇවිද ගියේ
තේජා.........
කඩා වැටුන
මන්දිර ලග....
අඩා වැටි වැටී
 නොම සිට....
ගඩොල් එකතු කර
විකුනා.....
දෙවා සිප් සතර
ඔවුනට
කවා අන්දවා
ඇති දැඩි
කලේ නුඹයි
තේජා............

ගසක් යට
අදුරු මෙහොතක.....
වසන්තය
ඇවිත් ගිය දින....
හෙලන්නට සිටින විට
අවසන්..
හුස්ම පොද නුබේ
අහසට.....
නැගෙන්නට තරම්වත්
එක
කදුලු බිදුවකුදු දෙනෙතට.....
ඔවුන්ගෙන්
මගෙන්
ආපිට
කිසිත් නොම පතා
පිට පිට
වැරූ නිදි ඇතිවැ
සිටි ඇය
නුඹයි
තේජා...............

No comments:

Post a Comment