Tuesday, February 21, 2012

මන්දාරම් අදුර


රේඛා   රේඛා
අදුරු වැඩියි මන්දාරම
යන්න එපා අද තනියෙම
වැසි වැටේ වි
නුඔ තෙමේවි
සෙවනක් කොයිබද මහමග
නුඔ තනිවේ‍වී..........

හිනැහෙන දම්පාට වලා
කදුඑ සලන්නට සැරසෙයි....
කදුඑ අතර ඇවිද ගිහින්
හිනාවෙන්න නුඔ කැමතියි
පනින තුරාවට දෙනෙතින්
කදුලැලි රතුවී.............

තාර පාර දිගේ ඇදී
යයි දියවැල් දුඹුරු  පාට...
පාඑ සිතුම් කීරි ගැහෙන
සීත සුළං ගත අලවයි
පාට පාට සේරම
අඑ පාටක් වේවී.
නුඹෙ සිහින දම් බොදකර
නෙත් රතුවේ වී.....................

1 comment: