Tuesday, December 27, 2011

නැවුම් සිත සෙත්කවිය නුඹටයි


සදැස නිසදැස සමව ගෙනැ
ඔබේ නෙතු අසළටම වී
රැදෙන්නට මොහොතක් දෙකක්
අදුරු සයිබර් අවකාශයේ
දෙන්න සෙත්කවිය ට ඉඩක්
දුරු රටක ඹබ තනිවෙලා
සිටින මොහොතක
ඹබේ හද අසලටම වී
සියබසෙහි ඇති සොදුරු මිහිරෙන් සරසන්න
දෙන්න සෙත්කවිය ට ඉඩක්
ඉඩොරයකට අසුව ගිය
කටුක ලෝකය හා ගැටී
විඩාවෙන් ඹබ පෙලෙන මොහොතක
ළහිරු බැස යන වෙරළ අසළට
සැදෑ හිරු ගේ
අහස් වියනට
රැගෙන යන්නට ඹබ සිතින්
දෙන්න සෙත්කවිය ට ඉඩක්
දිනෙන් දින වෙනස්වෙන ලොව දෙසබලා
සියල් නොතිරයි දුකයි
එ අදහස ඹබසිතට දැනෙනා වෙලේ
දහම් පදයක් ලෙස පෙනෙන්නට
දෙන්න සෙත්කවිය ට ඉඩක්

No comments:

Post a Comment