කඩවුනු පැතුම් සහසක් අතර...
ඔබේ මුහුනේ අදුරු වී ගිය සිතුවමක් ද
තිබෙනු මා දුටුවා.
පිසලමින් කාලයේ දූවිලි...
ඒ දිහා බැලීමට
තව වරක් මා හටම සිතුනා...
කාලයටවත් මැකිය නොහැකිව
තවම පවතින
ඔබෙ සොදුරු මදහස.....
අදුරු අහසේ රිදී සද වන්
ඔබේ වත....
එක් වරම
තිගැස්සුනෙමි මා....
දැකීමෙන්.....
එහි මැවී පැවතුනු
අදුරු ඡායාවක්......
වත්මනේ ආලෝකයෙන්....
අතීතයෙ වීදුරුව මත....
සටහන් වැ තිබුනු ඒ.........
කෙස් පැසී ගිය සිරසකි...
රැලිවැටුනු මුහුණකි....
සදාතනිකවැ ඇයුනු මෙන් වූ
දත් නොමැති මුකයකි........
No comments:
Post a Comment